ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී
සිය ධූරයේ වැඩ භාර ගනී
අප්‍රේල් 09, 2025
ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ඒ කේ ඩී අධිකාරී අද (අප්‍රේල් 09) දින එළඹි සුභ මොහොතින් සිය නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කරන ලදි.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙම නව පත්වීම භාර ගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් අධිකාරී ශ්‍රී ලංකා සංඥා බලකායේ 2 වන සංඥා බලසේනාවේ බලසේනාධිපති වශයෙන් සේවය කළේය. ඔහු වසර 32කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ තනතුරු හොබවා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වේ.