විශාල ප්‍රමාණයක් පැළ සිටුවමින් යුධ හමුදාව වන වගාවට දායක වේ

ජනවාරී 04, 2021

ශ්‍රී ලංකා යුධ හමුදාව මෑතකදී ඉරණමඩු ජලාශය අවට ප්‍රදේශයේ පැළ විශාල ප්‍රමාණයක් රෝපණය කරන ලද අතර දුර්ලභ විශේෂ වර්ගයන්ගේ පැළ 7,500 ක්, කිලිනොච්චි ප්‍රදේශයේ සිටුවීම සදහා සියලු කටයුතු සිදුකර ඇත.  

ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපතිගේ මගපෙන්වීම යටතේ  ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 8 වන රෙජිමේන්තුව, ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී සමාගම සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සංවිධානය කළ අතර ප්‍රදේශයේ සියලුම හමුදා ආයතන අතර පැළ විශාල ප්‍රමාණයක් බෙදා දෙන ලදී.

ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, ඇක්සස් සමාගමේ සාමාජිකයින්, වාරිමාර්ග හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද හමුදා භට පිරිස් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

මේ අතර, ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි භට පිරිස් විසින් අනුරාධපුර කුඩාවල්පොල වැව, පූනෑව වැව, ගල්කඳවල වැව සහ තම්මැන්නාලවක වැව යන ජලාශ වල ජල පෝෂක හා වැව් බැමි ප්‍රදේශ වටා පැළ විශාල ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

නැවත වන වගාව කෙරෙහි අවධානය යොමු කරමින් යුද හමුදාපති විසින් ආරම්භ කරන ලද 'තුරු මිතුරු නව රටක්' ව්‍යාපෘතියට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.   

ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, හමුදා සාමාජිකයින් සහ ගම්වාසීන් මෙම ව්‍යාපෘතිය සඳහා අත්වැල් බැඳ ගත්හ.