ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුමට නියෝජ්‍ය
ආරක්‍ෂක අමාත්‍යවරයා එක්වේ

අප්‍රේල් 25, 2025

කොළඹ 05 හි ජාවත්ත සුසාන භූමියේ අද (අප්‍රේල් 25) පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් අනුස්මරණ ස්මාරකයට උපහාර දැක්වීය.

මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා, නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් පයින් මැතිතුමා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චන්ග් මැතිනිය සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් ද සහභාගී වූ අතර, ඔවුන් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සදහා ද එක් විය.

වාර්ෂිකව අප්‍රේල් 25 වන දින සමරනු ලබන ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දිනය, පළමු ලෝක සංග්‍රාමයේදී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදාවන්ගේ පළමු ප්‍රධාන හමුදා මැදිහත්වීම සිහිපත් කරන අතර, එතැන් සිට යුද ක්‍රියාකාරකම් වෙනුවෙන් සේවය කළ සහ ජිවිත කැප කළ සියලු දෙනාටම ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවයේදී උපහාර දක්වයි.

මෙම සුවිශේසී අවස්ථාවට ආගමික නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික  සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.