ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අවසන් ගෞරව දක්වයි

අප්‍රේල් 25, 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝකය පළ කිරීම සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (අප්‍රේල් 25) උදෑසන වතිකානු තානාපති කාර්යාලයට ගියේය.

ශ්‍රී ලංකාවේ වතිකානුවේ අපෝස්තලික තානාපති අති උතුම් අගරදගුරු Brian N. Udaigwe හිමිපාණන් විසින් ඔහුව පිළිගනු ලැබීය.

අගරදගුරු Udaigwe හිමිපාණන් සමඟ පැවති කෙටි හමුවකදී, නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ශෝකය පළ කළ අතර, ජාතිය වෙනුවෙන් හෘදයාංගම ශෝකය පළ කරමින් ශෝක පණිවිඩ පොතේ සටහනක්ද, තබන ලදි.

ඔහු මෙම අවස්ථාවේ, අභාවප්‍රාප්ත පාප් වහන්සේගේ සුවිශේෂී අධ්‍යාත්මික නායකත්වය සහ ගෝලීය ක්‍රිස්තියානි ප්‍රජාව ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාවට සිදු කළ නොසැලෙන සේවය අගය කරමින් උන්වහන්සේට ගෞරවය දක්වන ලදි.