සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 565 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

ජනවාරී 05, 2021

අද (ජනවාරි 05) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 468 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 45,241 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් එක් අයෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 72 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 73 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 183 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 139 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 05) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 41,476 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 35,059 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (04) දින තවත් PCR පරීක්ෂණ 12,826 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 164 ක් වන අතර ඒ අතුරින් 66 දෙනෙකු අබුඩාබි සිට, 93 දෙනෙකු කටාර් සිට, 05 දෙනෙකු චීනයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 565 කි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 37,816 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,212 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 79 ක් යටතේ පුද්ගලයින් 4,945 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගොස් තිබේ.