නාවික හමුදාවෙන් අම්බලන්තොට ප්‍රදේශයට ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකයක්

ජනවාරී 05, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධන අරමුණු කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි තවත් එක් පියවරක් ලෙස අම්බලන්තොට, සියඹලාකොටේ ජනතාවගේ පානිය ජල අවශ්යතාව ඉටු කරමින් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකයක් ස්ථාපනය කරන ලදි.

ප්‍රදේශයේ ජනතාව වෙත මෙම නව ඒකකය ලබා දීම සඳහා සංවිධානය කරන ලද සමාරම්භක උත්සවයට වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා සහභාගී විය.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් අම්බලන්තොට, සියඹලාකොටේ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් ග්රාමීය ජනතාවගේ මාරාන්තික වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා පිටුවහලක් සැළසෙනු ඇත.    

සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම්, දකුණු නාවික විධානයේ ආඥාපති, දකුණු නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.