ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 38,261 දක්වා ඉහළට
ජනවාරී 06, 2021අද ( ජනවාරි 06) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 484 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 45,725 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 05 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 121 ක්, ගාල්ල දිස්තික්කයෙන් 30 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 110 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 218 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 06) දින ප්‍රකාශ කරන ලදී.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 41,955 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 35,504 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඊයේ (05) දින තවත් PCR පරීක්ෂණ 10,774 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 206 ක් වන අතර ඒ අතුරින් 50 දෙනෙකු මාලදිවයිනේ සිට,74 දෙනෙකු කටාර් සිට සහ 82 දෙනෙකු ඩුබායි සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.
ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 565 කි.
මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 38,261 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,247 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 75 ක් යටතේ පුද්ගලයින් 5,037 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් තිබේ.