කිලිනොච්චි හි අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා හමුදා සහාය

ජනවාරී 06, 2021

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි හි සිසුන් 300 කට කියවීම සඳහා පොත්පත් හා ලිපි ද්‍රව්‍ය තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, මහදේව ස්වාමිගල් ළමා නිවාසයේ හා අරිවිචෝලායි ළමා නිවාසයේ දරුවන් වෙත මෙම පොත්පත් හා ලිපි ද්‍රව්‍ය තොගය බෙදා හරින ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දානපතියෙකුගේ අනුග්‍රහයෙන් යුද හමුදාව විසින් අගහිඟකම් ඇති දරුවන්ට මෙම ත්‍යාග ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, දානපතියන්, ආරාධිතයින් සහ ළමුන් සහභාගී වූහ.