තවත් PCR පරීක්‍ෂණ 12,456 ක් ඊයේ සිදුකරන ලදි

ජනවාරී 07, 2021

අද ( ජනවාරි 07) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 522 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 46,247 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි එක් ශ්‍රී ලාංකිකයෙකු වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 206 ක්, ගම්පහ දිස්තික්කයෙන් 97 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 81 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 137 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 07) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 42,476 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 36,265 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (06) දින තවත් PCR පරීක්ෂණ 12,456 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 231 ක් වන අතර, ඒ අතුරින් 201 දෙනෙකු සයිප්‍රස් සිට සහ 30 දෙනෙකු කටාර් සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 761 කි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 39,022 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,006 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76 ක් යටතේ පුද්ගලයින් 4,912 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගොස් තිබේ.