වියළි කහ සහ එනසාල් ජාවාරමක් නාවික හමුදාව ව්‍යාර්ත කරයි

ජනවාරී 07, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වයඹ මුහුදේ මෑතකදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ‌ගෙන ඇත.  

වයඹ නාවික විධානය මගින් පුත්තලම කුදිරමලේ තුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර සිදුකළ පරික්‍ෂාවේදී  නීති විරෝධී වියළි කහ සහ එනසාල් තොගය ජනවාරි 05 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාවට අනුව වියලි කහ සහ එනසාල් තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙහෙයුම සිදුකර ඇත.