ගුවන් හමුදා කෆීර් බලඝණය ‘රිදී ජුබිලිය’ සමරයි

ජනවාරී 07, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 10 ප්‍රහාරක බලඝණය සිය ‘රිදී ජුබිලිය’ පසුගිය ජනවාරි 5 දින කටුනායක කඳවුරේ දී සමරන ලදි.

මෙම බලඝණය රුදුරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ගුවනින් කළ සේවය වෙනුවෙන්  2009 වර්ෂයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ජනාධිපති වර්ණ පිළිගන්වන ලදි.

1996 වර්ෂයේ ජනවාරි 5 වන දින ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් යනා හයකින් යුක්තව ආරම්භ කරන ලද මෙම බලඝණය විසින් මෙහෙයුම් පැය 2800 වැඩි පියාසර කාලයක් පියාසර කර ඇත.

වත්මන් ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද බලඝණයේ  ආරම්භක සාමාජිකයෙකි.