සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 638 දෙනෙකු ඊයේ රෝහල් වලින් පිටව යයි

ජනවාරී 08, 2021

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 07 ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 226 ක්, මහනුවර දිස්තික්කයෙන් 72 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 177 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 08) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 43,001 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 36,903 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (07) දින තවත් PCR පරීක්‍ෂණ 15,041 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 261 ක් වන අතර, ඒ අතුරින් ඕස්ට්‍රේලියාවේ සිට 157 දෙනෙකු, ජපානයේ සිට 45 දෙනෙකු, කටාර් සිට 30 දෙනෙකු සහ ඉන්දියාවේ සිට 29 දෙනෙකු පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 638 කි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 39,660 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 6,897 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 78 ක් යටතේ පුද්ගලයින් 5,782 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගොස් තිබේ.