උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝ 124 ක් නාවික හමුදා අත්අඩංගුවට

ජනවාරී 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව මෑතකදී (ජනවාරි 6) උතුරු මුහුදේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා  කිලෝ 124 ක් සහ ග්‍රෑම් 65 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයේ නියෝගය මත කන්කසන්තුරේ මයිලඩි මුහුදට ඔබ්බෙන් සිදුකල මෙම මෙහෙයුම මගින් ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඩිංගි බෝට්ටුව අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පැවසිය.

නාවික හමුදා ආරංචි මාර්ග වලට අනුව අත්අඩංගුවට ගත් අයවලුන් අවුරුදු 27 සහ 31 යන වයස්වල පසුවන නෙල්ලිඅඩි සහ වැල්වැටිතුරේ පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගත් භාණ්ඩ සමග ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසිය වෙත භාර දී තිබේ.

සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇත.