ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 40,316 දක්වා ඉහළට

ජනවාරී 09, 2021

අද ( ජනවාරි 09) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 525 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 47,304 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 193 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 94 ක්, වව්නියා දිස්ත්‍රික්කයෙන් 56 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 181 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 09) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 43,525 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 37,559 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (08) දින තවත් PCR පරීක්ෂණ 15,472 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 511 ක් වන අතර ඒ අතුරින් 340 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට, 126 දෙනෙකු කටාර් සිට සහ 45 දෙනෙකු ඉන්දියාවේ  සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 656 කි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 40,316 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 6,763 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73 ක් යටතේ පුද්ගලයින් 5,684 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගොස් තිබේ.