විල්පත්තුව රක්‍ෂිතය නැවත රෝපණය කිරීමට යුධ හමුදාවෙන් පියවර

ජනවාරී 09, 2021

විල්පත්තු රක්‍ෂිතය නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව මෑතකදී ශ්‍රීනාත් නගර් ප්‍රදේශයේ විශාල භුමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි දුර්ලභ පැළ සියගණනක් රෝපණය කරනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත 54 වන සේනාංකය යටතේ රාජකාරිහි නියුතු භට පිරිස්වල සහාය ඇතිව මෙම පරිසර හිතකාමී රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය.  

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 306 - සී1 සිංහ සමාජයේ සාමාජිකයින් සමඟ ඒකාබද්ධව මෙම රුක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.    

පසුගිය වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් දියත් කරන ලද 'තුරු මිතුරු නව රටක්' ව්‍යාපෘතියේ 11 වන අදියර මෙය වන අතර, මෙහි පළමු අදියරය යටතේ අක්කර 76.05 ක් නැවත රෝපණය කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම අදියරය යටතේ නැවත වනවගා කිරීමට නියමිත අක්කර 251 න් අක්කර 12 ක් කල්ලාරු ප්‍රදේශය ආවරණය වන පරිදි මේ වන විට රෝපණය කර ඇති බව යුද හමුදාව පවසයි.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සෙසු නිලයන් සහ ස්වේච්ඡාවෙන් දායක වූ තවත් පිරිස් මෙම උදාර අරමුණ සඳහා එක්විය.