තවත් PCR පරීක්ෂණ 17,217 ක් ඊයේ සිදු කරන ලදී
ජනවාරී 10, 2021අද ( ජනවාරි 10 ) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 535 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 47,839 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 148 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 111 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 64 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 212 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 10 ) දින ප්‍රකාශ කරන ලදී.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 44,060 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 38,080 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඊයේ (09) දින තවත් PCR පරීක්ෂණ 17,217 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 195 ක් වන අතර ඒ අතුරින් 24 දෙනෙකු මාලදිවයිනේ සිට, 45 දෙනෙකු කටාර් සිට, 68 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට, 08 දෙනෙකු ඔස්ට්‍රේලියාවේ සිට සහ 50 දෙනෙකු ජපානයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.
ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 521 කි.
මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 40,837 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 6,773 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76 ක් යටතේ පුද්ගලයින් 6,150 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 04 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගොස් තිබේ.