ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 44,745 දක්වා ඉහළට

ජනවාරී 17, 2021

අද (ජනවාරි 17) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 719 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 52,312 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු සිටින අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් 75 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 182 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 152 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 306 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 17) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 48,503 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 41,745 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (16) දින තවත් PCR පරීක්ෂණ 13,681 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන විදේශ රටවල සිට මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 503 ක් වන අතර, ඒ අතුරින් 36 දෙනෙකු කටාර් සිට, 23 දෙනෙකු මාලදිවයිනේ සිට, 369 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 29  දෙනෙකු ඕස්ට්‍රේලියාවෙන් සහ 46 දෙනෙකු ජපානයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 487 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 44,745 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,311 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 83 ක් යටතේ පුද්ගලයින් 7,131 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණයක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් තිබේ.