යාපනයේ අසරණ පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

ජනවාරී 18, 2021

යුද හමුදාවේ  9 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාර දෙනු ලැබීය.

දානපතියෙකු වන කුමාර වීරසූරිය මහතා සහ ඔහුගේ සමීපතමයන් මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීය.

මෙම නිවස භාරදිමේ උත්සවය පසුගියදා  පැවැත්වූ අතර මෙම අවස්ථාවට ආරාධිතයින්, හමුදා නිලධාරීන්, සෙබළුන් සහ නියෝජිත පරිත්‍යාගශීලීන් සහභාගී විය.