ගුවන් හමුදාවට ඉන්දියාවෙන් ගුවන් ආරක්ෂණ උපකරණ තොගයක්

ජනවාරී 18, 2021

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් ආරක්ෂක උපකරණ සහ INDRA Mk-II රේඩාර් අමතර කොටස් ඉන්දියාවේන් ලබාදීම වෙනුවෙන් උත්සවයක් පසුගිය සෙනසුරාදා (ජනවාරි 16) කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් එම උපකරණ ලබාගන්නා ලදි.

මෙහිදී ශ්‍රී ලංකාවේ කෘතඥතාව සංකේතවත් කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් මහ කොමසාරිස්වරයා වෙත විශේෂ සිහිවටනයක් පිරිනමන ලදි.