මාන්තෙයි වෙරළ තීරයේදී ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජනවාරී 29, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද නාවික විධානය මගින් ජනවාරි මස 26 වන දින මාන්තෙයි ප්‍රදේශයේදී  කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

ජාවාරම් කරන ලද මෙම කේරළ ගංජා තොගය පාර්සල් 14 ක අසුරා මාන්තෙයි වෙරළ ප්‍රදේශයේ පඳුරු තුළ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 11 ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.

සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ සඳහා වංකාලේ පොලිසිය වෙත භාර දී තිබේ.