70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාවෙන් විශේෂ මෙහෙයුමක්

ජනවාරී 29, 2021

ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව, කනුගහවැව ග්‍රාමයේ සංවර්ධන කටයුතු අරඹමින් මුල්ගල තැබිමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින එම ග්‍රාමයේදී පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ තවත් පියවරක් කනුගහවැව ග්‍රාමයේ පැවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමා විසින් කනුගහවැව ග්‍රාමය සංවර්ධනය කිරිමේ කටයුතු භාරගෙන තිබිණි.

මෙම සංවර්ධන කටයුතු ප්‍රදේශවාසීන්ගේ අශ්‍යතා සපුරාලමින් ප්‍රදේශිය ලේකම් කර්යාලයේ යෝජනා පත්‍රයට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ සහය ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරයි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ. මෙමගින් ග්‍රාමයේ පවුල් 314 කට පමණ සහන සැලසෙන අතර කනුගහවැව විද්‍යාලය, විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හා අවශ්‍යතා ඇති පවුල් සඳහා නව නිවාසඉදි කිරීමට ද සිදු වේ.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, රාජ්‍ය නිළධාරීන්, ගුවන් හමුදා සෙබළුන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.