යුද හමුදාව තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවයි

පෙබරවාරි 01, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව මෑතකදී යාපනයේ වාසවිලාන්හි පිහිටි රජයේ ගොඩනැගිලි සංකීර්ණයක් හදිසි ප්‍රතිකාර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර තිබේ.

ඇඳන් 500-1000 ක ධාරිතාවයකින් යුත් නව මධ්‍යස්ථානය පිහිටුවීම, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ 521 සේනාංකයේ භට පිරිස් විසින් සිදුකරන ලදි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊයේ (ජනවාරි 31) එම ස්ථානය පරීක්ෂා කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි විය.