ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 59,042 දක්වා ඉහළට

පෙබරවාරි 03, 2021

අද (පෙබරවාරි 03) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 715 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 65,697 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 261 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 142 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 61 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 464 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 03) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 61,710 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 56,945 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (පෙබරවාරි 02) දින තවත් PCR පරීක්ෂණ 12,340 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 968 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 59,042ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 6,325 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 93 ක් යටතේ පුද්ගලයින් 7,406 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 07 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබේ.