යුධ හමුදාවේ නිලධාරීන් 337 කට සහ සෙසු නිලයන් 8,226 කට උසස් වීම්

පෙබරවාරි 04, 2021

73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 337 ක් සහ සෙසු නිලයන් 8,226 ක් ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපතිගේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා වන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඔවුන්ව මෙලෙස උසස් කරන ලදී.

ඒ අනුව බ්‍රිගේඩියර්වරු 14 ක් මේජර් ජෙනරාල් නිලයටද, කර්නල්වරුන් 23 ක් බ්‍රිගේඩියර් නිලයටද, ලුතිනන් කර්නල්වරු 35 ක් කර්නල් නිලයටද, මේජර්වරු 34 ක් ලුතිනන් කර්නල් නිලයටද, කපිතාන්වරුන් 206 ක් මේජර් නිලයටද, ලුතිනන්වරුන් 22 ක් කපිතාන් නිලයටද දෙවන ලුතිනන්වරුන් තිදෙනෙකු ලුතිනන් නිලයටද අද දින උසස් කර ඇති බව යුධ හමුදාව පවසයි.

තවද, බලලත් නිලධාරී -11 නිලයේ 212 ක් බලලත් නිලධාරී -1 නිලයටද, මාණ්ඩලික සැරයන්වරුන් 795 ක් බලලත් නිලධාරී II නිලයටද, සැරයන්වරුන් 1351 ක් මාණ්ඩලික සැරයන් නිලයටද, කෝප්‍රල්වරුන් 1422 ක් සැරයන් නිලයටද, ලාන්ස් කෝප්‍රල් වරුන් 2070 කෝප්‍රල් නිලයටද සහ සාමාන්‍ය සෙබළුන් 2415 ලාන්ස් කෝප්‍රල් නිලයටද අද උසස් කර ඇත.