සම්පූර්ණ සුවය ලබා ඊයේ දින රෝහල්වලින් පිටව ගිය කොරෝනා අසාදිතයින් ගණන 840 යි

පෙබරවාරි 04, 2021

අද (පෙබරවාරි 04) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 711 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 66,408 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 236 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 93 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 74 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 308 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 04) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 62,421 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 57,785 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (03) දින තවත් PCR පරීක්ෂණ 13,218 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 840 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 58,882 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 6,194 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 91 ක් යටතේ පුද්ගලයින් 7,400 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 04 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 332 දක්වා ඉහළ ගොස් තිබේ.