තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

අප්‍රේල් 28, 2021

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (අප්‍රේල් 28) දින  උදෑසන මොණරාගල, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කර ඇති බව නිවේදනය කළේය.

ඒ අනුව, පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙන තුරු හුදකලා කෙරේ :

මොණරාගල දිස්ත්‍රික්කය - වැල්ලවාය නගර බල ප්‍රදේශය  
                                             - වෙහෙරයාය ග්‍රාම නිලධාරී වසම
                                      - කොට්ටම්ගහබොක්ක  ග්‍රාම නිලධාරී  වසම
                                      - බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරී වසම

අම්පාර දිස්ත්‍රික්කය - උහන කුමාරිගම ග්‍රාම නිලධාරී වසම
මාතලේ දිස්ත්‍රික්කය - මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරී වසම