වසංගතයට මුහුණදීම සඳහා නාවික හමුදා සහාය

මැයි 10, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් රෝගීන් සඳහා ඇඳන් 200 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේදී විවෘත කරන ලදි.
 
මෙම ක්‍රියාවලියට තවදුරටත් සහාය වෙමින්, නාවික හමුදාව විසින් කොරෝනා ආසාධිත   රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන ලදි.

ඒ අනුව, මේ වන විට ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් ඇඳන් 2000 කින් යුත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම සඳහා සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.  

තවද, ගම්පහ මහ රෝහලේ ඇඳන් 50 කින් සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ඇඳන් 35 කින් යුත් කොවිඩ් 19 ප්‍රථිකාර ඒකකයන් ස්ථාපිත කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබේ.

ගම්පහ වතුපිටිවල මූලික රෝහල තුල ප්‍රතිකාර සඳහා ඇඳන් 20 කින් යුත් වාට්ටුවක් ස්ථාපිත කිරීම සඳහා අර්ධ-ස්ථීර ගොඩනැගිලි තුනක් නාවික හමුදාව විසින් කඩිනමින් ඉදිකරමින් පවතී.

ගම්පහ, වැරැල්ලවත්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය
 
ගම්පහ මහ රෝහල
 
මිනුවන්ගොඩ මූලික රෝහල
 
ගම්පහ, වතුපිටිවල මූලික රෝහල
 
ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර පරිශ්‍රයේ පිහිටි කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය