ප්‍රදේශ දහතුනක් හුදෙකලා කෙරේ

මැයි 12, 2021

කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රදේශ 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (මැයි 12) දින නිවේදනය කරන ලදි.

ඒ අනුව, අලුතින් හුදෙකලා කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ;

කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය
  •  කොලමුන්න ග්‍රාම සේවා වසම
  •  මාම්පේ බටහිර ග්‍රාම සේවා වසම

ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශය
  •  ඇලපිටවල නවම් මහර ග්‍රාමය  
  •  මගුල්පොකුණ ග්‍රාමයේ මගුල් පොකුණ පාර

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව පොලිස් බල ප්‍රදේශය
  •  දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම   

අහංගම පොලිස් බල ප්‍රදේශය
  •  අටානිකිත ග්‍රාම නිලධාරී වසම    

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ කහවත්ත පොලිස් බල ප්‍රදේශ
  •  සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම    
  •  ගොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම    
  •  ගොඩගම ග්‍රාම නිලධාරී වසම     
  •  කට්ටංගේ අංක 03 කොටස

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව පොලිස් බල ප්‍රදේශය
  •  සූරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය
  •  උඩපොත ග්‍රාම නිලධාරී වසම    
  •  කැන්දාව ග්‍රාම නිලධාරී වසම