ගංවතුර අවදානමට නාවික හමුදාව සූදානමින්

මැයි 14, 2021

දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, ගංවතුර අවධානමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ තවලම ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව ක්ෂණික ප්‍රතිචාර, මුදවාගැනීමේ හා සහන ඒකක භට පිරිස් ස්ථානගත කර ඇත.

ගංවතුර තත්වයන් වලදි සහාය ලබාදීම සදහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ද නාවික හමුදාව තම සහන කණ්ඩයම යොදවා ඇත.

තවද, තත්වය දරුණු වුවහොත් අවශ්‍ය සහාය ලබාදීමට තවත් සහන කණ්ඩායමක් රන්තපුර නව නගරය වෙත යවා ඇති බව නාවික හමුදාව පවසයි.