උතුරට තවත් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන

මැයි 15, 2021

යුධ හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වඩුක්කෝඩෙයි කාර්මික ගොඩනැගිල්ල රෝගීන් 200 කු සඳහා නේවාසිකව ප්‍රථිකාර කළ හැකි අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කරන ලදි.

මෙහිදි ප්‍රථිකාර කටයුතු සඳහා පේදුරුතුඩුවේ මනික්කායි මූලික රෝහලේ වෛද්‍ය කාර්‍ය මණ්ඩලයේ සහය ලබාගැනීමට අපේක්‍ෂා කෙරේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි කොවිඩ් වසංගතය හමුවේ රටේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දිවයින පුරා පිහිටි සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වව්නියාව ආර්ථික මධ්‍යස්ථානය, මන්නාරමෙහි පිහිටි තුර්කි පෞද්ගලික පාසල, වහමලුගොල්ලෑව ගල්කිරියාගම සහ මිහින්තලේ නිතියාගම සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තු මූලස්ථාන යන ස්ථාන අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කරන ලදි. මෙම ප්‍රථිකාර මධ්‍යස්ථාන 5 තුල රෝගීන් 820කට නේවාසිකව ප්‍රථිකාර ලබාගත හැකිය.

උතුරු හා උතුරු මැද පලාත්වල පිහිටා ඇති මෙම අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන 5 වැඩිදියුණු කිරීම සඳහා වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ සහයෝගය ලැබි ඇත.