සීදූව අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

මැයි 19, 2021

යුද හමුදාව විසින් සීදූවේ දී ඉදිකරන ලද දිවයිනෙහි විශාලතම කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයෙ (18) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිරීක්ෂණය කරන ලදී.

නවීන තාක්ෂණික උපකරණ සහිත පහසුකම් රැසකින් සමන්විත එක්වර රෝගීන් 1200 කට පමණ ප්‍රතිකාර කළ හැකි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය බ්‍රැන්ඩික්ස් (Brandix) ආයතනයේ පරිත්‍යාගයක් මත ඉදිකරණ ලද්දකි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ (විශ්‍රාමික), කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රෆ් ඔමාර් මහතා ඇතුළු නිළධාරීන් සහ ආරාධිතයන් මෙම අවස්ථාවට සහභාගි විය.

 

Sinhala.