යුද්ධ හමුදා සිවිල් සේවකයෙකු සඳහා නව නිවසක් ඉදිකර දෙයි

අප්‍රේල් 01, 2019

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු හමුදා භටපිරිස් විසින් විසින් එම මුලස්ථානයෙහි සේවයේ නියුතු සිවිල් සේවකයෙකු සඳහා නව නිවසක් ඉදිකර දී ඇත. ආර්ථික දුෂ්කරතා වලින් පෙළුණු මෙම සිවිල් සේවක මහතා පිළිබඳව තොරතුරු දැනගත් පසු මෙසේ ඔහු වෙනුවෙන් අංග සම්පුර්ණ නිවසක් ඉදිකර දීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කල අතර එමගින් ඔහු මුහුණ පෑ ගැටළු වලට යම්තාක් දුරට හෝ සහනයක් ලබාදීමට හැකිවිය.

212 බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් මෙම නිවාස ඉදිකිරිම සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් අතර මුල්‍ය දායකත්වය පෞද්ගලික පරිත්‍යාගශිලින් විසින් දරන ලදී. විදුලිබල, ජලය සහ අනෙකුත් සියලු පහසුකම් සහිතව මෙම නව නිවාස ඉදිකර දී ඇත.

මෙහිදී මෙම පවුල සඳහා රුපියල් 50000.00 ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ හා අත්‍යවශ්‍ය ගෘහ උපකරණ කට්ටලයක්ද පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, පාසල් යාමේදී ගමනාගමන දුෂ්කරතාවයන්ට මුහුණ දුන් සිවිල් සේවක මහතාගේ දියණිය සඳහා නව බයිසිකලයක් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් ලබාදෙන ලදී.

මෙම නව නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමේ චාම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගී විය.