එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත්

මැයි 22, 2021

එක්ස්ප්‍රස පර්ල් (x-press pearl) නෞකාවේ ඇති වී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය එක්ව මෙහෙයුම් සිදුකරන අතර මෙය වන විට ගින්න තවදුරටත් පාලනය කිරීමට සමත් වී තිබේ.

කොළඹට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ ගිනිගෙන අනතුරට පත් මෙම බහාළුම් නෞකාව නැංගුරම්ලා තිබේ.

Sinhala.