යුද හමුදා දායකත්වයෙන් දිවයින පුරා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන

මැයි 23, 2021

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලංක‍ා යුද හමුදාව විසින් දි‍වයින පුරා ඇදන් 20000 ක් සමඟ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 ක් ස්ථාපිත කර ඇත.

කාලීන අවශ්‍යතාවය සපුරාලීම සඳහ‍ා ශ්‍රි ලංක‍ා යුද හමුදා යුධෝපකරණ බලක‍ාය විසින් කොස්ගම යුද හමුදා කර්මාන්ත සංකීර්ණයේදී ලෝහ ඇදන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ලදී.

තවද, ඔවුන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රයෝජනය සදහා ඇද ඇතිරිලි 60002 ක් සකස්කර ඇත.

රටපුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේද සහයෝගයෙන් හා ඔවුන්ගේ සම්පත් හ‍ා දැනුම භාවිතා කර ඉතා කෙටි කලකදී දි‍වයිනේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාව පවසයි.