ගංවතුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව සීරුවෙන්

මැයි 23, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (මැයි 23) දින දකුණු පළාතේ ගංවතුර අවදානමක් ඇති ප්‍රදේශයන්හි සහන කණ්ඩායම් හතරක් ස්ථානගත කර ඇත.

ඒ අනුව, ගංවතුරන් පීඩාවට පත්වන ජනතාවට උපකාර කිරීම සඳහා සහන කණ්ඩායම් 4ක් තවලම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිනිදුම සහ ඒප්පල ප්‍රදේශයේත් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාගොඩ ප්‍රදේශයේ ස්ථානගත කර ඇති බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම ක්ෂණික ස්ථානගත කිරීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් දකුණු නාවික විධානයේ සූදානමින් තබා ඇත.

මීට අමතරව, බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් 26 ක්ද, උතුරු නාවික විධානයේ සහන කණ්ඩායම් 5 ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18 ක්ද සූදානම්ව ඇති බව නාවික හමුදාව පවසයි.