ආපදා සහන සේවා සදහා ගුවන් හමුදාව සීරුවෙන්

මැයි 24, 2021

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුදර්ශන පතිරණ  විසින් ආපදා සහන සේවා  භටයින් සහ ඒ සදහා යොදාගන්නා ගුවන් යානා  සුදානම්ව තබා ගන්නා ලෙසට උපදෙස් දී තිබේ.

ඒ අනුව ආපදා නිරීක්ෂණ කටයුතු සදහා අංක 3 සමුද්‍රීය බලඝණයට අයත් බීච් සුපර් කින්ග් වර්ගයේ ගුවන් යානා රත්මලාන හා චීන වරාය කදවුරු වල ස්ථානාගත කර ඇත.

තවද ගුවන් හමුදා ආරංචි මාර්ග වලට අනුව රත්මලාන කදවුරේ බෙල් 212 හා 412 හෙලිකොප්ටර් යානා ද , හිගුරක්ගොඩ කදවුරේ බෙල් 212 හෙලිකොප්ටර් 03 ක් , පලාලි කදවුරේ තවත් බෙල් 212 හෙලිකොප්ටරයක් සහ අනුරාධපුර කදවුරේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටරයක් ද සමගින් මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලත් භටපිරිස් ආපදා සහන සේවා සදහා සුදානමින් සිටී.