නීති විරෝධී මෝර වරල් තොගයක් අත්අඩංගුවට

මැයි 31, 2021

නීති විරෝධී ලෙස ලබා ගන්නා ලද නිල් මෝර වරල් 41 සහිත ධීවර යාත්‍රා දෙකක් සමඟ ධීවරයන් 13 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (29) දින දික්ඕවිට ධීවර  වරායේ  ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නීති විරෝධී මෝර වරල් තොගය යාත්‍රා තුළ සඟවා තිබියදී වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගත් බව  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ පුද්ගලයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මීගමුව ධීවර පරීක්ෂක වෙත බාරදෙන ලදී.