රුපියල් මිලියන 30 ක් වටිනා තවත් ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 02, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ තීරයේ සිදුකල විශේෂ පාමුර සංචාරයකින් කිලෝ 101 ග්‍රෑම් 700 ක් පමණ වන කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.