අවිස්සාවේල්ල රෝහලට කොවිඩ් -19 වාට්ටුවක්

ජුනි 03, 2021

ශ්‍රී ලංකා යුද හමුදා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අවිස්සාවේල්ල මූලික රෝහල් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර කොවිඩ් -19 රෝගීන් 40 දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි පරිදි සකසා රෝහල් බලධාරීන් වෙත භාරදෙන ලදී.

මෙම වාට්ටුවේ වෛද්‍ය උපකරණ සඳහා 'මිඩාස් සෙෆ්ටි ප්‍රයිවට් ලිමිටඩ්' ආයතනය අනුග්‍රහය ලබා දී තිබේ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෙම ව්‍යාපෘතිය සඳහා උපදෙස් ලබා දෙන ලදි.