ශ්‍රී පාද වන්දනාවේ අවසන් චාරිත්‍රය මෙවරත් යුද හමුදා දයකත්වයෙන්

ජුනි 03, 2021

යුද හමුදාවේ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පෙර වර්ෂවලදී මෙන් මෙවරත් ශ්‍රී පාදස්ථාන වන්දනාවේ අවසන් චාරිත්‍රය වන ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ එහි අනෙකුත් පූජනීය වස්තූන් ශ්‍රී පාද මළුවේ සිට නල්ලතන්නිය විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩමවීම සිදු කරන ලදි.

පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පැවති මෙම පෙරහැර සඳහා රාජ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ද සහභාගි වූහ.