යාපනයේ එන්නත්කරණ වැඩසටහනට යුද හමුදා සහය

ජුනි 03, 2021

යුද හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් විසින් යාපනය අර්ධ ද්වීපය පුරා මධ්‍යස්ථාන 36 ක එන්නත්කරණ වැඩසටහන පැවැත්වීම සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලදි.

යාපනය අර්ධද්වීපයේ 'සයිනොෆාම්' එන්නතේ පළමු මාත්රාව ලබාදීම ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක, දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති අතුලු නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදුකල බව යුද හමුදාව පවසයි.

මෙම එන්නත්කරණ වැඩසටහන මැයි මස 30 වන දින යාපනය හෙද විදුහලේදී  ආරම්භ කළ අතර ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් වැසියන්ට පළමු මාත්‍රාව ලැබෙනු ඇත.