නීති විරෝධී වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 03, 2021

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුනි 3) දින හලාවත වට්ටක්කල්ලිය කලපු ප්‍රදේශයේදී නීති විරෝධී වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලමේදී කහ ගෝනි 14 ක්, ලූනු බීජ ගෝනි 22 ක්, ඩිංගි යාත්‍රා දෙකක්, කුඩා ලොරි රථයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ත් 50 ත් අතර පසුවන හලාවත සහ පන්නල ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරුවන් නීතිමය කටයුතු සඳහා හලාවත පොලිසිය වෙත භාරදුන් බව නාවික හමුදාව පවසයි.