පවතින වැසි තත්වය තවදුරටත්

ජුනි 04, 2021

දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (4) දින කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් ප්‍රකශ කරන ලදි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණ අනාවැකියට අනුව සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.

මධ්‍යම සහ ඌව පලාත් වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.