මුලාන්කාවිල් සහ නාචිකුඩා නගර විෂබීජහරණය කෙරේ

ජුනි 04, 2021

මුලාන්කාවිල් සහ නාචිකුඩා නගර ප්‍රදේශ ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලාන්කාවිල් පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සභාව සමඟ සම්බන්ධ කර ගනිමින් විෂබීජහරණය කරන ලද අතර, කොවිඩ් -19 පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද සිදුවිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන හා 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.