ගිනිගත් නෞකාව පිළිබඳව විමර්ශනයට රජයේ විශේෂඥ කණ්ඩායමක්

ජුනි 04, 2021

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, ඉදිරි විමර්ෂන කටයුතු සඳහා රජයේ විමර්ශන කණ්ඩායමක් 'X PRESS PEARL" නෞකාව ආසන්න මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (4) කටයුතු කරන ලදී.

සාගර පරිසරයට සිදුව ඇති බලපෑම සොයා බැලීම සඳහා මුහුදු ජල නියැදීන් ලබාගැනීම සහ ස්ථානීය නිරීක්ෂණ කටයුතු සඳහා මෙම විමර්ශන කණ්ඩායම යැවූ බව නාවික හමුදාව පවසයි.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරීන්ගෙන් යුත් 14 දෙනෙකුගෙන් සමන්විත විමර්ෂණ කණ්ඩායම ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් 'සමුද්‍රාරක්ෂා' නෞකාව මගින් රැගෙනයාමට කටයුතු කල බව නාවික හමුදාව අනාවරණය කරන ලදී.