ගිනිගත් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමට යුද හමුදා සහය

ජුනි 04, 2021

මීට දින කිහිපයකට පෙර හානියට පත් 'X PRESS PEARL' නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වැලිගම සහ මිරිස්ස වෙරළ තීරය, යුද හමුදාවේ 3 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් පිරිසිදු කරන ලදී.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.