බස්නාහිරට සහ සබරගමුවට මි.මී 100 ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ

ජුනි 05, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (4)දින කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් කියා සිටියේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

තවද, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සමහර ස්ථානවල මිලිමීටර් 100 ක් පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව එහි සදහන් වේ.

වයඹ සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවල මි.මී 50 ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි අතර සවස් / රාත්‍රී කාලයේ වෙනත් තැන්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.