සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග

ජුනි 05, 2021

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ගබඩා ටැංකි  තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන්, බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (ජුනි 04) සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

වැසි ජලය සමග මිශ්‍ර වී ඇති මෙම දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වි කැළණි ග‍ඟේ ජල මට්ටම අඩු වීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක් වීමේ අවධානමක් ඇති බව නාවික හමුදාව පවසයි.