මහ ඔය ද්‍රෝණියටත් ගංවතුර අනතුරු ඇඟවීම්

ජුනි 05, 2021

මහ ඔය ද්‍රෝණියේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (ජූනි 5) දින පෙ.ව. 9.00 වන විට මිලිමීටර් 100 ට අධික සැලකිය යුතු වර්ෂාපතනයක් සිදුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවත්නා වර්ෂා තත්වය හා ගංඟා ජල මාපකවල ජල මට්ටම් පිලිබඳ විශ්ලේෂණ වලට අනුව ඉදිරි පැය කිහිපය තුල අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකාටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන් ගිරිඋල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගිරිඋල්ල පොලිසිය අසලින් යටවිය හැකි බව එහි අනතුරු අඟවා ඇත.

මේ තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

වර්ණය : ඇම්බර්