කැළණි ගං ද්‍රෝණියට ගං වතුර රතු නිවේදන

ජුනි 05, 2021

වර්ෂාපතනය සහ කැළණි ගඟේ වර්තමාන ජල මට්ටම් පිළිබඳ විශ්ලේෂණයට අනුව මීලග පැය 6 ත් 16 ත් අතරතුර හංවැල්ලෙහි ජල මට්ටම මීටර් 9.00 දක්වා ද නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 6.60 දක්වා ද ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

අද පෙරවරු 9.00 ට අවසන් වූ පැය 24 තුළ කැළණි ගගේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සාමාන්‍යයෙන් මි.මී. 125 ක පමණ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

දෙහිඕවිට,රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමා ගම, කඩුවෙල, බියගම, කොලොන්නාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කැළණි ගංගාවේ ආසන්නයේ පහත් බිම්වල ඇති වී ඇති වර්තමාන ගංවතුර තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ඉහළ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වටිනා ජීවිත හා රාජ්‍ය හා පෞද්ගලික දේපළ සුරැකීම සඳහා ඉහත සඳහන් ප්‍රදේශ හරහා ගමන් කරන පදිංචිකරුවන් ගෙන් මේ සම්බන්ධයෙන් අමතර විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වර්ණය : රතු